පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි

මාර්ගයකදී පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ පුද්ගලික ආරවුලක් මත ඊයේ (14) 37 හැවිරිදි පුද්ගලයෙකුව මෙලෙස ඝාතනය කර ඇති බවය.

ඇලයාපත්තුව පොලිස් වසමේ තිබ්බටුවාගම විහාරස්ථානයට යන මාර්ගයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි.

මේ අතර අද (15) අලුයම හක්මන පොලිස් වසමේ කහටගහකොරටුව ප්‍රදේශයේදී 21 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

සේරුනුවර මහවැලිගම ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් ඇන 41 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *