පිළියන්දලදී පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 10ක් මත්ද්‍රව්‍ය සමඟ දැලට!

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් ඊයේ (පෙබරවාරි 11) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල පොලිසිය සහ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව පැය පහකට ආසන්න කාලයක් මෙම පරීක්ෂාව සිදුකළ අතර, ඒ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට අයත් විශේෂ බස් රථයක් ද යොදා ගැනුණි. එහිදී පිළියන්දල හරහා ධාවනය වන බස් රථවල සේවකයන් 170 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇත.​මෙම මෙහෙයුමේදී 120 (කැස්බෑව-පිටකොටුව), 255 (ගල්කිස්ස-කොට්ටාව), 162 (පිළියන්දල-බණ්ඩාරගම), 341 (පිළියන්දල-මහරගම), 341/2 (කරදියන හරහා මහරගම), 342 (පිළියන්දල-කොට්ටාව), 157 (කහපොළ-පිළියන්දල) සහ 157/1 (පිළියන්දල-මාකන්දන) යන මාර්ගවල ධාවනය වන බස් රථවල සේවක පිරිස් පරීක්ෂාවට ලක්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *