පුද්ගලික බැංකු දෙකක් මුදල් නීති කඩයි.. මහ බැංකුවෙන් දඬුවම්..

මෙරට පෞද්ගලික අංශයේ බැංකු දෙකක් මුදල් පනතේ රීති හා රෙගුලාසි කඩ කිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ලක්ෂ 30 ක දඩ මුදලක් පනවා ඇත.

මෙම බැංකුවලට දඩ පනවා ඇත්තේ එක් බැංකුවට රුපියල් ලක්ෂ විස්සක් සහ තවත් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් ලෙස වන අතර එම දඩ මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන්නැයිද දන්වා තිබේ.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රිති රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවී කටයුතු කිරීම හේතුවෙන් එම දඩ මුදල් පනවා ඇත.

What's your reaction?

Related Posts

1 of 682

Leave A Reply

Your email address will not be published. Required fields are marked *