ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් පිරිසක් සහ ‘සර්වජන බලය’ නායක දිලිත් ජයවීර මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දින කොළඹ පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී පැවැත්විණි. මෙරට වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් අතර, රට මුහුණ දී ඇති බලශක්ති අර්බුදය ඇතුළු කාලීන ගැටලු රැසක් සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ, රටේ පවතින දැවෙන ප්‍රශ්න හමුවේ විපක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි. එහිදී අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා අවධාරණය කළේ පවතින අභියෝගයන්ට මුහුණ දීම සඳහා සියලු විපක්ෂ කණ්ඩායම් එක්ව පොදු පෙරමුණක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතින බවයි. එසේම, ඉදිරියේදී නව දේශපාලන ගමනක් වෙනුවෙන් “නැකතක්” ඉදිරිපත් කරන බවද ඔහු මෙහිදී විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයින් පිරිසක් එක්ව සිටි අතර, ඔවුන්ද වත්මන් දේශපාලන ප්රවණතා පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළහ. නිරෝෂන් කොළඹ වාර්තා කරන පරිදි, මෙම හමුව ඉදිරි දේශපාලන සන්ධානගතවීම් සම්බන්ධයෙන් තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.


























