පොලිස්පති දේශබන්දුට ඇප

වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) ඇප මත මුදා හරින ලදී.

ඒ, ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඒ අනුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී තිබුණි.

පසුව, ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එන ලදී.

What's your reaction?

Related Posts

1 of 836

Leave A Reply

Your email address will not be published. Required fields are marked *