පොලිස් වෙඩි පහරින් මියගිය කොටහේන ඝාතනයේ වෙඩික්කරුට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරුවෙක්

2025.02.21 වන දින රාත්‍රියේ කොටහේන ප්‍රදේශයෙන් වාර්තා වූ මනුෂ්‍ය ඝාතනයට අදාලව 2025.02.23 වන දින දහවල් අත්අඩංගුවට ගත් මෝදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු ඔහුගේ ත්‍රීරෝද රථයෙන්, වෙඩික්කරුව කොළඹ කොටුව ප්‍රදේශයේ සිට කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතරොම් ලබා දී ඇති බව අනාවරණය වි ඇත.

සැකකරු අත්අඩංගුවට ගන් ලැබුවේ කොළඹ උතුරු අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෝදර පොලිස් වසමේ මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදීය.

මෙම සැකකරුත් විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ මෙහෙයවන පුද්ගලයෙක් බව අනාවරණය ඇත..

කොටහේන පොලිස් ස්ථානය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *