ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද මල්වතු අස්ගිරි නායක හිමිවරුම් බැහැ දැකීම සඳහා පැමිණියා පළමුව අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැක්කා එහිදී ධම්මානන්ද හිමියන් වෙත ලිපියක් භාරදෙමින් බෞද්ධාගමට එරෙහිව බෞද්ධ භික්ෂූන් වහන්සේලා වශයෙන් කිසියම් පුද්ගලයනට සිවුරු පොරවා තමන්ට කිසි ආකාරයට ඔවුන් ලවා විවිධ ආකාරවලින් කටයුතු කරමින් සිටින බවත් විශේෂයෙන්ම මෙහිදී බෞද්ධාගමට හානි කිරීමට කටයුතු කරන්නේ ජෙරම් ප්‍රනාන්දු නමින් හඳුන්වන පුද්ගලයා බවත් ඔහු විසින් දැනටමත් විශාල වශයෙන් මෙවැනි පුද්ගලයන්ට සිවුරු පොරවා ඇති බවද සඳහන් කළා මේවා නතර කිරීමට කටයුතු කරන ලෙස මහානායක හිමියන් දැනුවත් කිරීම සඳහා තමන් වහන්සේ වැඩම කළ බවද ඒ හිමියන් සඳහන් කළා මෙහිදී මැදගම දම්මානන්ද හිමියන් අදහස් දක්වමින් සඳහන් කළේ වර්තමාන රජයක් ජාතිවාදය ආගම්වාදයට එරෙහිව කටයුතු කරන බවත් එම නිසා මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා ජෙරම් ප්‍රනාන්දු පමණක් නොව තවත් විවිධ පුද්ගලයන් විසින් මෙවැනි තත්ත්වයන් බුදුදහමට සිදු කරන බවත් ඒ පිළිබඳව අවශ්‍ය බලධාරීන් දැනුවත්කරප ඇති බවත් එම නිසා ඔවුන් ඒ ඉටු කරනු ඇති බවට විශ්වාසය පළ කරන බවද ධම්මානන්ද හිමියන් සඳහන් කළා. ඉන් පසුව ශීල රතන හිමියන් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරි හිමියන් බැහැ දැක කරුණු සැලකර සිටියා ඉන් පසුව මල්වතු මහා නායක හිමියන් බැහැ දැකීමට ද ශීල රතන හිමියන් පැමිනියා එම අවස්ථාව මාධ්‍යයට ආවරණය කිරීමට අවස්ථාව ලැබුණේ නෑ . මල්වතු මහා විහාරය මඟින් අම්පාර ප්‍රදේශයේ අසරණ පවුල් සඳහා ඉදිකිරීමට යන නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමද සීල රතන හිමියන් සිදූ කළා මෙම නිවාස කටයුතු පිළිබඳව සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන පූජ්‍ය දොරණෑගම රතනපාල හිමියන් වෙත එම මූල්‍ය පරිත්‍යාගය ලබා දුන්නා ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා එහිදී මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කරලා ඇති බවත් ජෙරම් ප්‍රනාන්දු එරෙහිව නීතියානුකූලව කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් එයට එරෙහිව දැඩිව කටයුතු කරන බවද සඳහන් කළා ජෙරම් ප්‍රනාන්දු පිළිබඳව තමන් වහන්සේලාද නීති මගින් කටයුතු කිරීමට අදහස් කරන බවද සඳහන් කළා