පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක සිදුවූ දරුණු නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තවත් පුද්ගලයින් හත් දෙනෙකු පමණ මේ වනවිට අතුරුදන්ව ඇති බවයි. ඊයේ (නොවැම්බර් 26) ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.මේ අතර, අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් පුළුල් ලෙස කටයුතු කරමින් සිටින බවට වාර්තා පළ වේ. අවතැන් වූ සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ද මේ වනවිට අදාළ බලධාරීන් විසින් සිදු කරමින් සිටී.






















