බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් රිමාන්ඩ්

ත්‍රිකුණාමලයේ බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක සහ තවත් පුද්ගලයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා ත්‍රිකුණාමලයේ පිහිටි මෙම විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේ නමක් ඉවත් කිරීමට ගත් උත්සාහයකදී ප්‍රදේශවාසීන් සහ භික්ෂූන් වහන්සේලාගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.​මෙම ඉදිකිරීම අනවසර එකක් බව පවසමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව මෙම පිරිස රිමාන්ඩ් කර තිබේ. වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කරමින් බුදු පිළිම වහන්සේ නමක තැන්පත් කළ බවට එල්ල වූ චෝදනා මත කරුණු සලකා බැලූ අධිකරණය, අදාළ පාර්ශවයන් ලබන ජනවාරි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 941

Leave A Reply

Your email address will not be published. Required fields are marked *