වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු ලබන පෙබරවාරි 09 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා අදාළ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට බලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත මෙම නඩු පවරා ඇත. අදාළ පිළිමය තැන්පත් කිරීම සඳහා අවශ්‍ය නිසි අවසරය ලබාගෙන නොමැති බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.


























