බස්නාහිර පළාතේ අපරාධ නිවාරණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් නව වට්ස්ඇප් (WhatsApp) ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත. 0777128128 දරන මෙම අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධ තොරතුරු මහජනතාවට මෙමගින් ලබා දිය හැකිය. පොලිසිය සඳහන් කරන පරිදි, මෙම අංකයට ලැබෙන පණිවිඩ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ. තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය උපරිමයෙන් සුරකින බවට ද පොලිසිය සහතික වෙයි.
























