බස්නාහිර, සබරගමුව සහ දකුණට දැඩි අකුණු අනතුරු ඇඟවීම් – දිස්ත්‍රික්ක 8කට රතු නිවේදන!

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද දිනයේ දැඩි අකුණු අනතුරු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, අදාළ පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකිය.​පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 08ක් සඳහා ‘රතු’ මට්ටමේ අනතුරු ඇඟවීම් ද, දිස්ත්‍රික්ක 07ක් සඳහා ‘ඇම්බර්’ මට්ටමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත. අකුණු මගින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *