බස්නාහිර සහ දකුණට තද අකුණු සහ වැසි: අවධානයෙන් සිටින්නැයි අවවාද!

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු සමඟ මිශ්‍ර වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකිය. එබැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු සහ හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 999

Leave A Reply

Your email address will not be published. Required fields are marked *