බස් ගාස්තු 10% කින් ඉහළට? තීරණය හෙට කැබිනට් මණ්ඩලයට

පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ මෙරට බස් ගාස්තු සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) තීරණය කර ඇත. මේ සඳහා වන නිල යෝජනාව හෙට (23) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේය. ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධන සූත්‍රය අනුව ගණනය කිරීමේදී මෙම 10% ඉක්මවූ මිල වැඩිවීම අත්‍යවශ්‍ය වී ඇති බව ඔහු පෙන්වා දෙයි.​දැනට ක්‍රියාත්මක බස් ගාස්තු 2025 ජූලි 4 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර, එකල ඔටෝ ඩීසල් ලීටරයක මිල පැවතියේ රුපියල් 289 ක් වැනි මට්ටමකය. කෙසේ වෙතත්, ඊයේ සිදුවූ මිල ඉහළ යාමත් සමඟ ඩීසල් ලීටරයක මිල රුපියල් 303 සිට රුපියල් 382 දක්වා රුපියල් 79 කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලසීමාව තුළ සමස්ත ඩීසල් මිල වැඩිවීම රුපියල් 93 කි. මෙම දැවැන්ත පිරිවැය ඉහළ යාම හමුවේ මගී ප්‍රවාහන සේවාව පවත්වාගෙන යාම සඳහා නව ගාස්තු සංශෝධනයක් හෙට දිනයේදී බලාපොරොත්තු විය හැක.

What's your reaction?

Related Posts

1 of 1,061

Leave A Reply

Your email address will not be published. Required fields are marked *