අද (24) දින මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී (Makumbura Multimodal Transport Centre) බස් රථ ටිකට්පත් මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය රජයේ පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ පියවරක් ලෙස ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නව පද්ධතිය මගින් මගීන්ට මුදල් භාවිතය අවම කරමින්, බැංකු කාඩ්පත් යොදා ගනිමින් බස් ටිකට්පත් මිලදී ගැනීමට හැකියාව ලැබේ.


























