බණ්ඩාරවෙලදී බස් රථයක් තුළ තිබී ජීව උණ්ඩ 123 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ, ලද තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී යි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක, ගමන් මලු රඳවනය තුළ තිබූ බෑගයක, කුඩා යකඩ පෙට්ටියක් තුළ දමා තිබියදී උණ්ඩ තොගය සොයා ගැනිණි.
පිස්තෝල පතොරම් 113 ක් සහ T 56 පතොරම් 9 ක් ඒ තුළ තිබූ බව, පොලීසිය සඳහන් කළේ ය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.