බස් රථ සැරසිලි පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහනවල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කළ හැකිය.

ඒ අනුව, 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින්, වාහන විකරණය (Modification) කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලාසි ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

එහෙත්, පසුගිය කාලයේදී එවැනි නියෝග මඟින් ප්‍රකාශිත වාහන උපාංග සවි කිරීම් සහ නිර්මාණය වෙනස් කිරීම්වලට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස්රථ සැරසිලි සහ උපාංග විකරණය (Modification) සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර අභ්‍යන්තර චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.

එහෙත්, ඊට අදාළව මෝටර් රථ පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමක් සිදු කර නොමැති බව රජය ප්‍රකාශ කරයි. 

What's your reaction?

Related Posts

1 of 613

Leave A Reply

Your email address will not be published. Required fields are marked *