බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක බිහිසුණු අනතුරක් – පුද්ගලයන් 32 දෙනෙකු මරුට

ගිනිකොනදිග බ්‍රසීලයේ අධිවේගී මාර්ගයකදී බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මියගිය පිරිස අතර කුඩා දරුවෙකුද වන බවයි වාර්තා වන්නේ.

බස් රථය සාඕ පවුලෝ නගරයේ සිට බාහියා ප්‍රාන්තයට පිටත්ව යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 45 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ ටයරයක් පීපිරිම නිසා රියදුරුට පාලනය කරගත නොහැකිව ට්‍රක් රථයක ගැටී තිබෙනවා.

තවත් මෝටර් රථයක් ද බස් රථයේ ගැටී ඇති නමුත් එහි සිටි මගීන් තිදෙනාම දිවි ගලවා ගෙන ඇති බවයි එරට පොලිසිය සඳහන් කලේ.

අනතුරට පත් වූ සියලු දෙනා මේවන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර අදාළ අනතුරට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවයි බ්‍රසීල රජය පැවසුවේ.

ට්‍රක් රථ රියදුරු මේවන විට පලා ගොස් ඇති අතර පොලිසිය ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

කෙසේ වෙතත් බ්‍රසීල ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව 2024 දී බ්‍රසීලයේ රථවාහන අනතුරු වලින් 10,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *