බාධා පැමිණියත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අඛණ්ඩව – නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා

කුමන බාධා පැමිණියත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංවන බවත් ක්ලීන් ශ්‍රී ලංකා යනු පුද්ගලයන් ජීවිත කාලය පුරාම රට ගොඩ නැගීම සඳහා අනුගමනය කළයුතු වැඩපිළිවෙළක් බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ  හර්ෂණ නානායක්කාර මහතා  පැවසීය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ  සම්බන්ධයෙන් ඊයේ(21) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා දැනුවත්  කිරීමේ වැඩසටහන   ජනවාරි 01 සිට පෙබරවාරි 01 දක්වා ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  මෙය සුමානයකින් හෝ දෙකකින් අවසන් වන වැඩසටහනක් නොවන බව පෙන්වා දුන්නේය. මේ ආරම්භ කර තිබෙන්නේ පුද්ගලයන් ජීවිත කාලය පුරාම රට ගොඩ නැගීම සඳහා අනුගමනය කළයුතු වැඩපිළිවෙළක්  බව අමාත්‍යවරයා පෙන්නා දුන්නේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නොවෙයි. අපේ ආකල්ප, සිතන පතන විදිය වෙනස් කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළේ එක් අරමුණක්. මෙය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. අයහපත් චර්යාවන් හඳුනාගෙන  ඒ අවශ්‍යතාවයන් ඉෂ්ඨවන ආකාරයට මෙම ව්‍යාපෘතිය ගෙනියන්න ඕන. ප්‍රතිපත්ති හැදුවත්, නීති හැදුවත් එයින් පමණක් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැහැ. මිනිසුනුත් ඒ වෙනස්වීමට අවශ්‍ය අවබෝධය ලබා ගත යුතුයි. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදි  සිදුකළ යම් පටු අර්ථකථන අපි දැක්කා. එය හුදෙක් ත්‍රීවිල් සහ බස්වල කෑලි ගැලවීමට ලඝුකරන්න ඇතැම් අය උත්සාහ කළා. නමුත් මෙය එතනින් එහාට ගිය දීර්ඝ වැඩපිළිවෙළක් .

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *