ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයූ සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1ක පමණ දඩයක් පනවා ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවාගේ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ මතභේදාත්මක ගල්අඟුරු ආනයනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එවැනි අවස්ථාවලදී පනවන දඩ මුදලට වඩා රජයට සිදුවන පාඩුව වැඩි බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මතු කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, අදාළ ගල්අඟුරු තොගයේ සාම්පල ලක්විජය බලාගාරයේ විශේෂඥයින් ඉදිරිපිට ලබාගෙන පරීක්ෂණ කටයුතු සඳහා ඉන්දියාවට යොමු කළ බවයි. කෙසේ වෙතත්, දෙවන නැව් තොගයේ සාම්පල වාර්තාවල කිසිදු ගැටලුවක් නොමැති බවත්, මේ වන විට තුන්වන සහ හතරවන නෞකාවල ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය. මෙම පැහැදිලි කිරීම සිදුකරනු ලැබුවේ මෑතකදී මෙරටට ආනයනය කරන ලද, ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගත් ගල්අඟුරු තොගය සම්බන්ධයෙනි.


























