බූස්ස බන්ධනාගාරයේ දැවැන්ත සෝදිසියක්: ජංගම දුරකතන 133ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් සහ රැඳවියන් සන්තකයේ තිබූ ජංගම දුරකතන 133ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත. පොලිස් මූලස්ථානයට අනුව, මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 26 දක්වා වූ කාලසීමාව තුළ බන්ධනාගාර පරිශ්‍රයේ ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම් 72කදී මෙම භාණ්ඩ තොගය අනාවරණය කරගෙන තිබේ.​මෙම මෙහෙයුම් මාලාව පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ගාල්ල සහ බූස්ස කඳවුරුවල නිලධාරීන් මෙන්ම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන්ගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් සිදුකර ඇත. බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ජාවාරම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින්, වසර පුරා කාලානුරූපව මෙම සෝදිසි කිරීම් සිදුකිරීමට පියවර ගෙන තිබුණි.​මෙහිදී සොයාගත් ද්‍රව්‍ය අතර සිම් කාඩ්පත් 159ක්, චාජර් 110ක්, ඩේටා කේබල් 122ක් සහ තවත් අමතර දුරකතන උපාංග රැසක් ඇතුළත් වේ. මීට අමතරව, හෙරොයින් මත්කුඩු සහ දුම්කොළ වැනි මත්ද්‍රව්‍ය ද, පිහි 03ක් වැනි තියුණු ආයුධ ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සොයාගැනීම් හරහා බන්ධනාගාරය තුළ සිදුවන නීතිවිරෝධී සන්නිවේදන ජාලයන් රැසක් බිඳ හෙලීමට හැකිවූ බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 914

Leave A Reply

Your email address will not be published. Required fields are marked *