බෙහෙත් හිඟයට තිත: 2026 වසරේ ඖෂධ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

2026 වර්ෂය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සහ දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් යෝජනා කැඳවීමට 2025 ජූලි 21 වැනි දින පැවැති කැබිනට් රැස්වීමේදී මූලික අනුමැතිය ලැබී තිබූ අතර, ඒ සඳහා ආයතන 48ක් සිය අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි.​ඒ අනුව, උසස් මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ තෝරාගත් දේශීය නිෂ්පාදකයින් හරහා මෙම ඖෂධ සැපයුම් කොන්ත්‍රාත්තු ලබා දීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම පියවර හරහා ඉදිරි වසරේදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ අවශ්‍යතාවය විධිමත්ව සපුරා ගැනීමට අපේක්ෂිතය.

What's your reaction?

Related Posts

1 of 919

Leave A Reply

Your email address will not be published. Required fields are marked *