භූගත ජල අවභාවිතය වැළැක්වීමට 1964 ජල සම්පත් පනත සංශෝධනය වෙයි

දශක හයකටත් වඩා පැරණි 1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට භූගත ජල සම්පත සුරක්ෂිත කිරීම සහ එහි කළමනාකරණ කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා ජල සම්පත් මණ්ඩලයට පැවරී ඇති නෛතික බලතල තවදුරටත් ශක්තිමත් කිරීමයි.​වර්තමානයේ පවතින නීතිමය රාමුව තුළ වාණිජමය ව්‍යාපෘති සඳහා ජලය භාවිත කිරීමේදී යම් නියාමනයන් පැවතියද, මහජනතාවට පීඩාකාරී වන අයුරින් සිදුකෙරෙන අසීමිත ජල නිස්සාරණයන් පාලනය කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් මතු වී තිබුණි. විශේෂයෙන්ම භූගත ජලය අවභාවිත කිරීම සහ අවිධිමත් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන මහජන පැමිණිලි සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධාවන් ඉවත් කිරීම මෙම පනත් සංශෝධනය හරහා අපේක්ෂා කෙරේ.​මෙම නව සංශෝධන හරහා භූගත ජලය මෙන්ම ඒ ආශ්‍රිතව නිර්මාණය වන මතුපිට ජල ස්කන්ධයන්ගේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත. ජල දූෂණය වැළැක්වීම සහ ස්වභාවික ජල උල්පත් ආරක්ෂා කරමින් අනාගත පරපුර වෙනුවෙන් ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ කාර්යභාරය පුළුල් කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.

What's your reaction?

Related Posts

1 of 1,085

Leave A Reply

Your email address will not be published. Required fields are marked *