මරණයෙන් කෙලවර වූ දීගය

බිරිඳ හා සැමියා අතර සිදු වූ බහින් බස් වීමක් හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු වූ බව වාර්තා වෙනවා .

ඊයේ (03) දින මෙම  සිදුවීම වාර්තා වී තිබුණේ තංගල්ල පොලිස් වසමේ පොළොන්මාරුව උතුර ප්‍රදේශයෙනි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොලොන්මාරුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

What's your reaction?

Related Posts

1 of 733

Leave A Reply

Your email address will not be published. Required fields are marked *