මවට පිටුපා පෙම්වතා සොයා ගිය දියණියට බරපතල ලිංගික අපයෝජන

තම මව සමඟ විරසක වී පෙම්වතාගේ නිවසට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් හට බරපතල ලිංගික අපයෝජනයක් කල එම පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනුබල දුන් සැකකරුගේ මව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාජාංගනය පොලිස් වසමේ පදිංචි පුතෙකු සහ මවයි.

වින්දිත දැරිය අනුරාධපුර පොලිස් වසමේ ගමක තම මව සමගින් සිටියදී, මව සමග ඇති කරගත් බහින්බස්වීමකින් අනතුරුව දැරිය එම මවට නොදන්වා නිවසින් පිටව ගොස් පෙම්වතාගේ නිවසට ගොස් ඇති බව පොලිසිය පවසන්නේ.

එම මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර රාජාංගනය ප්‍රදේශයට ගොස් දැරිය තම භාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමේදී මෙම අපයෝජන සිද්ධිය අනාවරණය වූ බවයි පොලිසිය සඳහන්කර සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *