පුත්තලමේ දී සිදුවුණු මාරක අනතුර

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී අද(23) පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක පිටුපස ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, යතුරුපැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *