මහජනයාට සිදුවන දුෂ්කරතා අවම කරගනිමින් මෙවර නිදහස් දින පෙරහුරු පැවැත් වේ – ආරක්ෂක ලේකම්

මහජනයාට සිදුවන දුෂ්කරතාවයන් අවම කර ගනිමින් මෙවර නිදහස්දින උළෙල පෙරහුරු පැවැත්වීමට කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම් – එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුය්යකොන්තා (විශ්‍රාමික) මහතා සඳහන් කළේය.

මෙවර නිදහස්දින උළෙල සඳහා හමුදා සාමාජිකයින් 1,873ක් පමණ ප්‍රමාණයක් සහභාගී වන අතර එය ගියවර පැවති නිදහස් උළෙල හා සැසඳීමේ දී 40% ක් පමණ ප්‍රමාණයකින් අඩුවීමක් බවද ආරක්ෂක ලේකමිවරයා පැවසීය.

ආරක්ෂක ලේකම් වරයා මේ බව සඳහන් කළේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 77 වන නිදහස් දින සමරු උළෙල පිළිබඳව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

මෙවර ගුවන් හමුදාවෙන් ගුවන් යානා 03කට සීමා ක‍ර තිබේ. එමෙන්ම, මෙවර සන්නද්ධ රථ පෙළපාලි සහභාගී නොවන බවත්, නාවික හමුදාව මඟින් දහවල් 12.00 වන විට සම්ප්‍රදායානුකුලව මුහුද මැද නෞකාවක දී ආචාර වෙඩි මුර 25ක් පැවැත්වීමට කටයුතු කරන බවත්, පොලිසිය සමඟ සම්බන්ධ වී එදිනට අවශ්‍ය ආරක්ෂාව පිළිබඳව හා රථවාහන හැසිරවීම පිළිබඳව සැලසුම් කර තිබෙන බවත් ආරක්ෂක ලේකම් වරයා වදිදුර්රටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *