​මහනුවරට පැය 22ක ජල කප්පාදුවක්: ප්‍රදේශ රැසකට බලපෑම්!

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන පරිදි, හෙට (08) පෙරවරු 6.00 සිට පසුදින (09) අලුයම 4.00 දක්වා පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ. මෙම තීරණය හේතුවෙන් අස්ගිරිය (මහ නගර සභා බල ප්‍රදේශය), වේගිරිය, පල්ලේමුල්ල (පැරණි සහ අලුත්), යටිහලගල, කොන්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශ ප්‍රදේශය, මැදවල (පැරණි) සේවා ජලාශ ප්‍රදේශය, කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තැඹිලිගහවත්ත, නුගවෙල, බාලනගාල, මැදවල (අලුත්) සේවා ජලාශ ප්‍රදේශය, ගලගෙදර සහ මාවතගම යන ප්‍රදේශවලට ජල සැපයුම ඇණහිටිනු ඇත. මේ නිසා ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා කල්තියා අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,003

Leave A Reply

Your email address will not be published. Required fields are marked *