මහනුවර මහියංගන පාර තවමත් අනාරක්ෂිතයි. මාර්ගයේ ගමන් ගන්නන් ප්‍රවේසම් විය යුතුයි. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින අධික වර්ෂාපතනයත් සමග මහියංගන මහනුවර මාර්ගයට ගල් පෙරළීම නිසා මාර්ගය අවහිරවීම සිදුවුණා. මෙම සිදුවීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් විසින් නිරීක්ෂණය කරනු ලැබීමෙන් පසුව එම මාර්ගයේ ඉහළින් ඇති කන්දක පිපුරුම් සහිත ගල් ඇති බැවින් අනාරක්ෂිත තත්ත්වයක් උදාවී ඇති බව හඳුනාගත්තා. එම නිසා මාර්ගය උදෑසන හයේ සිට සවස හය දක්වා පමණක් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම ගල් ඉවත් කරනතුරු මාර්ගයේ අනාරක්ෂිත බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *