මහාඔය රක්ෂිතයක දර සෙවීමට ගිය කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කරයි

​මහාඔය පොලිස් වසමේ පේරගල් ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක් තුළ තිබී 46 හැවිරිදි කාන්තාවකගේ මළසිරුර ඝාතනය කර තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි. පසුගිය ජනවාරි 23 වනදා දර සෙවීම සඳහා වනයට ගිය මෙම කාන්තාව යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ජනවාරි 24 වනදා කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබුණි. ප්‍රදේශවාසීන් සහ ඥාතීන් එක්ව සිදුකළ සෝදිසි කිරීමකදී ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව රක්ෂිතයේ දිය පහරක් අසල තිබී ඇගේ සිරුර හමුවී ඇත. වටපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇගේ මරණයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත. මහාඔය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 985

Leave A Reply

Your email address will not be published. Required fields are marked *