මහින්දගේ වීරකැටිය වත්තේ විදුලි රැහැන් ඉවත් කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාවිතා කරනු ලබන තංගල්ල, වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද (05) දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව වලස්මුල්ල ලං.වි.ම. ප්‍රාදේශීය කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, වලස්මුල්ල ප්‍රදේශය තුල ස්ථාන කිහිපයකම විදුලි රැහැන් ඉවත් කිරීමක් සිදුකර ඇති බවයි.

කෙසේ නමුත්, හිටපු මහින්ද රාජපක්ෂට අයත් වීරකැටිය වත්තේ (කාල්ටන්) විදුලි රැහැන් ඉවත්කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මාධ්‍යයට නිවැරදිව පිළිතුරක් මේ මොහොතේ ලබාදිය නොහැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

අප ප්‍රාදේශීය වාර්තාකරුගෙන් කළ විමසීමකදී සඳහන් කළේ මෙලෙස ඉවත් කළ විදුලි රැහැන් පද්ධතිය හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ඇද තිබූ තාවකාලික විදුලි රැහැන් පද්ධතියක් අද (05) උදෑසන ඉවත්කර ඇති බවත්, තවත් විදුලි රැහැන් පද්ධති කිහිපයක් ඉවත් කිරීමටද නියමිත බව‍යි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *