පසුගිය කන්නයේ දී මිලදී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර්තු මාසයවන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා අනුව වෙළදපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඒවා රුපියල් 110ත් 115ත් අතර මිලකට ලබාගත් බැවින් පාලන මිලෙහි කිසිදු වෙනසක් නොකර සහල් තොග ලබාදීමටද හැකියාව පවතින බවයි එහි ලේකම් ප්‍රසාද් හේරත් පොළොන්නරුවේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ.