මාර්තු ලුණු අස්වනු ලැබීමත් සමග වෙළෙඳපොලේ ලුණු හිඟයක් නෑ – හම්බන්තොට ලුණු සමාගමේ සභාපති

මාර්තු මාසයේ ලුණු අස්වනු ලැබීමත් සමග වෙළෙඳපොලේ ලුණු හිඟයක් ඇති නොවන බව හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී.කේ.නන්දන තිලක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ වන විට වැසි තත්ත්වයේ අඩුවීමත් සමග සාමාන්‍ය පරිදි ලුණු නිෂ්පාදනය සිදුවන බවයි.

මේ දිනවල ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අධික පිරිවැයක් දැරිමට සිදුවීම හේතුවෙන්  ග්‍රෑම් 400 මේස ලුණු පැකට්ටුවක් රුපියල් 120 ක් දක්වාත්, කිලෝග්‍රෑමයක කැට ලුණු පැකට්ටුවක් රුපියල් 180 ක් දක්වාත් ඉහළ යනු ඇති බවද ඔහු සඳහන් කළේ ය. 

What's your reaction?

Related Posts

1 of 687

Leave A Reply

Your email address will not be published. Required fields are marked *