මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවෙන් පැමිණීමේදී ලබාගන්නා වීසා (On-Arrival Visa) සහනයක්

සංචාරක හෝ වෙනත් කෙටි කාලීන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මාලදිවයින් ජාතිකයන් වෙනුවෙන් දින 90ක පැමිණීමේදී ලබාගන්නා වීසා (On-Arrival Visa) පහසුකම හිමිවන බව මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත. මහා කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව, මාලදිවයින් පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අවශ්‍ය නොවේ. මෙම වීසා නිදහස් කිරීමේ ක්‍රියාවලිය හරහා දෙරට අතර සංචාරක කටයුතු වඩාත් පහසු වනු ඇති අතර, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *