පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥා පනතේ (262 වන අධිකාරිය) 26 වන වගන්තිය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනෙයි මහ නගර සභාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව, කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පුනාකරි ප්‍රාදේශීය සභාව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර දිවයිනේ සෙසු සියලුම පළාත් පාලන ආයතනවලට නගරාධිපති නියෝජ්‍ය නගරාධිපති සභාපති, උප සභාපති සහ සහිකයන් තෝරා පත් කරගැනීමට අදාළ ඡන්ද වීමසීම සඳහා නාම යෝජනා භාර ගැනීමේ දැන්වීම 2025 මාර්තු මස 03 දින සිට අදාළ සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රසිද්ධ කොට ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් පළමු නාමයෝජනා පත්‍රයේ හා දෙවන නාමයෝජනා පත්‍රයේ නාමයෝජනා කළ යුතු අපේක්ෂකයන් ගණන, පළමු හා දෙවන නාමයෝජනා පත්‍රවලට ඇතුළත් විය යුතු අවම තරුණ හා කාන්තා අපේක්ෂිකයින් ගණන හා පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ තොරතුරු අදාල නාමයෝජනා දැන්වීමේ මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2425/70 දරන හා 2025.03.01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ ද පළ කර ඇති බව ද එම නිවේදනය මගින් කොමිසම දක්වා ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය www.elections.gov.lk හි ද මෙම තොරතුරු ප්‍රසිද්ධ කොට ඇති බව වැඩිදුරටත් නිවේදනය කර ඇත.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුක්තව මෙම නිවේදනය නිකුත් කර ඇත.