අද (ජනවාරි 12) උදෑසන මුන්දලම ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් වාර්තාවලට අනුව, පුත්තලම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් සිව්දෙනාගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සිටි අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ. එසේම, වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් නවදෙනාගෙන් හත්දෙනෙකු තුවාල ලබා මේ වන විට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


























