මුස්ලිම් ප්‍රජාවගේ කොවිඩ් මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

ආදාහන භුමදාන ගැටලුවේදී තමා හිටියේ නිවැරදි පැත්තේ බවත් WHO පවා භුමදානය අනුමත කර තිබියදී රජය හොර කමිටුවක් පත් කර ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය අහෝසි කළ බවත් තමා එදා පෙනී සිටියේ ගෝඨාභය රාජපක්ෂ සමග නොව ජනතාව සමග බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

මේ දිනවන ටයිකෝට් ඇඳගත් ඇතැම් නායකයෝ කියා ගන්නා පිරිස් ඔවුන් ජාතිවාදී නැති බවට ප්‍රකාශ කළත් ඔවුන්ට හරිහමන් කොන්දක් නොමැති බවත් මුස්ලිම් ජනතාව ඉස්ලාම් ප්‍රජාව මෙයට මුහුණ දෙද්දි ඒ අය මුනිවත රකිද්දි සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය පමණක් එයට විරුද්ධව පාරට බැස්ස බවත් සමගි ජන බලවේග රජයක් තුල මේ අනීතික ක්‍රියාවට සම්බන්ධ සියලු දෙනාට නෛතික ක්‍රියාමාර්ග ගෙන අගතියට පත් පාර්ශ්වයට වන්දි ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අක්කරෙපත්තු අඩ්ඩාලච්චේනයේ දී පැවති ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනට මුල පුරා සමෘද්ධි ජනසවිය ගැමිදිරිය හා අස්වැසුම යන වැඩසටහන් හි හොද ගුණාංග එක් කර නව වැඩසටහනක් දියත් කර මාස 24ක් තුළ දුප්පත් පවුලකට මාසෙකට රු 20000 බැගින් ලබා දි දුප්පත්කම වසර 2ක් තුළ තුරන් කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *