මෙරට සංචාරයක නිරත චීනයේ ජාතික ජනවාර්ගික කටයුතු කොමිසම භාර අමාත්‍ය පෑන් යූ මහතා ඇතුළු දූත පිරිස (20) පස්වරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හමුවිණි.

අමාත්‍යංශයේ පැවති මෙම හමුවේ දී දෙරට අතර ඇති සංස්කෘතික සබඳතා පෝෂණය කිරීම පිලිබඳ විශේෂ අවධානය යොමුවූ අතර චීනයේ සංස්කෘතික අධ්‍යයන චාරිකාවක් සඳහා ද ඇරියුම් ලැබිණි.

සංස්කෘතික සබඳතා පෝෂණය කිරීම සඳහා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්හි වැදගත්කමද මෙහිදී අවධානයට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා චීනය ලබා දෙන දායකත්වය විශේෂයෙන්ම අගයකොට සලකන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා චීන දූත පිරිස හමුවේ පැවසීය.

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *