මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමකට අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වනදා පැවැත්වීමට රජය තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අද ප්‍රකාශ කළේය. මහා නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2026 වසරේ මැයි මාසයට පෝය දින දෙකක් යෙදී ඇති බැවින් වෙසක් උත්සවය පවත්වන දිනය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස සිව් මහා නිකායන්හි මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවයි.පෝය කමිටුව මීට පෙර මැයි මස 01 වනදා වෙසක් පොහොය දිනය ලෙස තීරණය කර තිබූ නමුත්, යළි රැස්වූ පෝය කමිටුව රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වනදා පැවැත්වීමට තීරණය කළ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, මැයි මස 01 වනදාට යෙදී ඇති පුන් පොහෝ දින සාමාන්‍ය පරිදි ජනතාවට ආගමික වතාවත්වල නිරත විය හැකි බවත්, රජයේ නිල වෙසක් සැමරුම මැයි 30 වනදා සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


























