මෛත්‍රී වික්‍රමසිංහ CID හමුවට: රනිල්ට එරෙහිව රුපියල් කෝටි 1.6ක මූල්‍ය අවභාවිත චෝදනාවක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පවරා ඇති නඩුව අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.​2023 වසරේ අගභාගයේදී සිදුකළ නිල විදේශ සංචාරයක් අතරතුර, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ලන්ඩන් නුවර පැවැති උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.9 කට ආසන්න රජයේ මුදල් අවභාවිත කළ බවට හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මෙම සංචාරය සඳහා මුදල් අනුමත කරමින් රජයේ මුදල් අවභාවිතයට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,034

Leave A Reply

Your email address will not be published. Required fields are marked *