මොරටුව දේවස්ථාන මංගල්‍ය පෙරහැර හෙවත් සොරෝලෙ වීදි සංචාරය කිරීම සඳහා අද (19) රාත්‍රියේ මොරටුව ප්‍රධාන මාර්ගයේ තොරණක් ඉදිකර මින් සිටි තරුණයන් පස්දෙනෙකුට සිවිල් ඇඳුමින් සැරසුණු මොරටුව පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු විසින් පහරදීමේදී එහි සිටි තරුණයන් විසින් ද සිවිල් ඇඳුමින් සිටි නිලධාරීන් ට පහරදීම හේතුවෙන් පොලිසිය විසින් තරුණයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මොරටු වැසියන් පොලිසිය වට කරමින් කලහකාරී අයුරින් හැසිරුණා.
පල්ලියේ පියතුමන්ලා පොලිසිය ඉදිරිපිට සිට අත්අඩංගුවට ගත් පිරිස බේරා දෙන ලෙසට දෙවියන් ට යාඥා කරමින් ඉල්ලා සිටියහ.
අනතුරුව පිරිස විසිර ගියෝය.
අත්අඩංගුවට තරුණයන් හෙට දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි



