මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කෙරේ

නීති විරෝධී ලෙස එකලස් කරන ලද කැබ් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි.​අද (10) දින කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකාර කොමසාරිස්වරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම රිමාන්ඩ් නියෝගය ලබා දුන්නේය. ඒ අනුව එළැඹෙන අප්‍රේල් මස 20 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවනු ඇත.​මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ නීති විරෝධී ලෙස මෙරට තුළ එකලස් කළ වාහන ලියාපදිංචි කිරීමේ ජාලයකට අදාළව ලැබුණු රහස් තොරතුරක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, මෙම දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව ද කරුණු අනාවරණය කර ගැනීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,089

Leave A Reply

Your email address will not be published. Required fields are marked *