යතුරුපැදි රේස් එකක් මාරක අනතුරකින් කෙළවර වෙයි: 17 හැවිරිදි සිසුවෙකු මරුට

​රත්නපුර–පානදුර (A008) ප්‍රධාන මාර්ගයේ ඉලිඹ හන්දිය අසලදී පසුගිය ජනවාරි 16 වනදා රාත්‍රී 11.00 ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. අධික වේගයෙන් තරඟකාරී ලෙස පදවාගෙන ආ යතුරුපැදි දෙකක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉලිඹ දෙසට හැරවීමට උත්සාහ කළ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ 22 හැවිරිදි අනෙක් යතුරුපැදිකරු මේ වන විට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.​අනතුර සිදුවූ වහාම තුවාලකරුවන් දෙදෙනා ගිලන් රථයකින් හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ 17 හැවිරිදි තරුණයා එහිදී මියගොස් ඇත. අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු වන එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක පුද්ගල ඇප මත මුදා හැර තිබේ.​පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මියගිය තරුණයා සතුව වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බවයි. මේ හේතුවෙන් ඔහුට යතුරුපැදිය පැදවීමට අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිවද නීතිමය පියවර ගැනීමට නියමිතය. හොරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

What's your reaction?

Related Posts

1 of 969

Leave A Reply

Your email address will not be published. Required fields are marked *