යළිත් QR ක්‍රමයට ඉන්ධන

මධ්‍යපෙරදිග පවතින භූ-දේශපාලනික තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා සහ පවත්නා ඉන්ධන තොග ශීඝ්‍රයෙන් අඩුවීම සැලකිල්ලට ගනිමින්, ජාතික ආර්ථිකය සුරක්ෂිත කිරීම සඳහා ඉන්ධන කළමනාකරණය කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, ඇතැම් පිරිස් අනිසි ලෙස ඉන්ධන රැස්කිරීම වැළැක්වීම සහ පොදු මහජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සහතික කිරීම සඳහා 2026 මාර්තු 15 වන දින පෙ.ව. 06.00 සිට දිවයින පුරා QR කේත ක්‍රමය නැවත ක්‍රියාත්මක කෙරේ. අද සිට කිසිදු පිරවුම්හලකින් වලංගු QR කේතයක් නොමැතිව ඉන්ධන නිකුත් කරනු නොලැබේ.​මීට පෙර ලියාපදිංචි වී ඇති, හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් නොවූ පරිශීලකයින්ට මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියේ ‘Vehicle Login’ ඔස්සේ තම QR කේතය ලබාගත හැකිය. හිමිකාරිත්වය වෙනස් වූ හෝ අලුතින් ලියාපදිංචි වන වාහන සඳහා අද පෙ.ව. 06.00 සිට එම වෙබ් අඩවියේම ‘Vehicle Registration’ ඔස්සේ ලියාපදිංචි විය යුතුය. එක් එක් වාහන කාණ්ඩ සඳහා හිමිවන ලීටර් ප්‍රමාණය නිල ලේඛනයේ දක්වා ඇති අතර, අත්‍යවශ්‍ය සේවා සහ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන වාහන සඳහා විශේෂ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,056

Leave A Reply

Your email address will not be published. Required fields are marked *