යෝෂිතටයි ඩේසි ආච්චිට අධිකරණය දුන් නියෝගය මෙන්න!

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (04) තීන්දු කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාර දෙනු ලැබීය.

ඒ අනුව, විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියම කළේය. ඒ අනුව, පූර්ව නඩු විභාගය මැයි 30 වැනිදා පැවැත්වීමට අධිකරණය තීරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *