රජයේ ක්ලවුඩ් සේවා සුරක්ෂිත කිරීමට AI බලයෙන් ක්‍රියාත්මක තර්ජන හඳුනාගැනීමේ පද්ධතියක්

රජයේ ක්ලවුඩ් සේවා ආරක්‍ෂා කිරීම සඳහා AI (කෘත්‍රිම බුද්ධිය) බලයෙන් ක්‍රියාත්මක වන තර්ජන හඳුනාගැනීමේ පද්ධතියක් යොදා ගැනීමට තීරණය කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අද (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.​මෙමඟින් විවිධ තර්ජන කල්තියා හඳුනාගැනීමට හැකිවනු ඇත.​පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වූයේ, ක්ලවුඩ් සේවා යටතට වැටෙන ආයතන ආරක්ෂා කිරීමට සහ දත්ත සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.​තවද, මෑතකාලීනව සිදු වූ පද්ධති බිඳවැටීම් හේතුවෙන් කිසිදු රජයේ සේවාවක් අඩාල වී නොමැති බවත්, අදාළ ආයතන විසින් සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ඔහු පැවසීය.

What's your reaction?

Related Posts

1 of 823

Leave A Reply

Your email address will not be published. Required fields are marked *