රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ දිවයින පුරා වෛද්‍ය වැඩවර්ජනය අද (24) දෙවන දිනටත් ක්‍රියාත්මක වන අතර, තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එම සංගමය පවසයි. මෙම පැය 48ක සංකේත වැඩවර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ අතර, වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වලට පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව වාර්තා වන අතර, රේඩියෝ විද්‍යා තාක්ෂණවේදීන් ද (Radiological Technologists) වෙනත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජනවාරි 28 වනදා සිට යළිත් වැඩවර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත.


























