රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන්: මීළඟ තීරණය අද!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කළ පැය 48ක දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අද (25) පෙරවරු 8.00ට අවසන් වූ බව එම සංගමය නිවේදනය කරයි. රෝහල් පද්ධතියට සහ වෛද්‍ය නිලධාරීන්ට බලපා ඇති ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් සැලසුම් සහගත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක පළමු පියවර ලෙස මෙම වැඩවර්ජනය දියත් කෙරිණි. වැඩවර්ජනය අවසන් වීමත් සමඟ අද පෙරවරු 8.00 සිට දිවයිනේ සියලුම රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා යළි යථා තත්ත්වයට පත්ව ඇති අතර, තම වෘත්තීය ක්‍රියාමාර්ග මාලාව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ඉදිරි ක්‍රියාමාර්ගවල ස්වභාවය සහ කාලසටහන පිළිබඳ තීරණ ගැනීම සඳහා එම සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 985

Leave A Reply

Your email address will not be published. Required fields are marked *