රජරට භික්ෂු විශ්ව විද්‍යාලයේ උපකුලපති නාහිමියන්ගේ ක්‍රියා කලාපයට සහ උන්වහන්සේ ඒකාධිපති පාලනයක් භික්ෂු විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කරන බවත් සහෝදර භික්ෂු ශිෂ්‍යයන් වහන්සේලා දස නමකගේ පන්ති තහනම් කර ඇතිබවත් වහාම එම භික්ෂූන් වහන්සේලාට එරෙහිව පන්ති තහනම ඉවත් කරන ලෙසත් උපකුලපති ස්වාමීන් වහන්සේ කරන මෙම අත්තනෝමතික තීන්දු තීරණ සහ ඒකාධිපති පාලනයට විරුද්ධව මෙම උද්ඝෝෂණය හා අඛන්ඩ උපවාසය ක්‍රියාත්මක කරන බව උන්වහන්සේලා පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පවසා සිටියේ උප කුලපති ස්වාමීන් වහන්සේ ඉවත් කරනතුරු අඛණ්ඩව මෙම උද්ඝෝෂණය සහ උපවාසය ක්‍රියාත්මක කරන බවත් මෙහිදී අවධාරණය කර සිටියා.ftp