රටට නොගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නාමල් රාජපක්ෂගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

ජනතා විමුක්ති පෙරමුණට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ද ගැලපෙන බව ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම් එය වැරදි තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට නොගැලපෙන බව පෙනී යද්දීත් රජය ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි. රටට සැබවින්ම අවශ්‍ය සහ උචිත දේ පමණක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා වගබලා ගත යුතු බවත්, උඩඟු ලෙස ගන්නා තීරණ මගින් රටට, ජනතාවට හෝ ජනාධිපතිවරයාට සාධාරණයක් ඉටු නොවන බවත් ඔහු අවධාරණය කළේය.​අධ්‍යාපන පද්ධතියේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනස්කම් සිදුකිරීමේ අවශ්‍යතාව පොදුජන පෙරමුණ මෙන්ම මහජනතාව ද පිළිගන්නා නමුත්, එම ප්‍රතිසංස්කරණ ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාව මත නොව රටේ අවශ්‍යතාව මත පදනම් විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම රටේ ආගමට සහ සංස්කෘතියට අත නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, පවතින අධ්‍යාපන ක්‍රමවේදයට නොගැලපෙන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට දරන උත්සාහයන්හි සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 938

Leave A Reply

Your email address will not be published. Required fields are marked *